Long Range Reconnaissance Patrol (LRRP) : Black Ops Special Forces Unit - Sri Lanka Army
![]() |
| Sri Lanka Special Forces |
දිගුදුර විහිදුම් මෙහෙයුම් පිලිබඳ විස්තර කෙරෙන විකිපීඩියා වෙබ් පිටුවේහි මෑත ඉතිහාසයේ සාර්ථක දිගුදුර විහිදුම් දියත්කල හමුදා අතරට ශ්‍රී ලංකා දිගුදුර විහිදුම් බළකායද අයත් කොට ඇත්තේ එම බළකායේ සාර්ථකත්වය පිලිබඳව ඇති අවබෝධය නිසා විය යුතුය.
යුධ සමයේදී හමුදා පාළන මායිම් වලින් ඉතා ඈතට විහිදී ගොස් සතුරාගේ හදවතටම ප්‍රහාර එල්ලකොට සතුරු නායකයින් ගණනාවක් මරාදමා ත්‍රස්ත හදවත්වලට බිය කිඳා බැස්සවූ මහසොහොන් බළකාය ලෙස විරුදාවලී ලත් දිගුදුර විහිදුම් බළකාය ඉතාමත් රහසිගත ලෙස ක්‍රියාත්මකවූ අතර තවමත් එම රහසිගත භාවය එලෙසම පවත්වාගෙන යන්නේ මෙම විශිෂ්ඨ ඒකකයේ ආරක්ශාව සඳහාය.
සතුරු ප්‍රදේශ විනිවිද ගොස් ඔත්තු සෙවීම, සතුරාගේ නායකයින් ඝාතනය, සතුරු සැපයුම් විනාශ කිරීම හා සැපයුම් මාර්ග අවුල් කිරීම, නොසිතන අවස්ථාවල එල්ල කරන ක්ශණික ප්‍රහාර මගින් සතුරාට සිය බලප්‍රදේශයේ වුවද රිසිසේ සැරිසැරීමට ඇති නිදහස විනාශකොට සතුරු බළමුළු බිය වැද්දවීම දිගුදුර විහිදුම් බළකායේ ප්‍රධාන මෙහෙයුම් අභිමතාර්ථ විය.
මහසොහොන් බළකායේ සෙබළුන්ගේ මවු රෙජිමේන්තුව වන විශේෂ බළකා රෙජිමේන්තු සෙබළුන්ගේ හිස් පළඳනා ලාංඡනයේ (beret insignia) ඇති ඊතල සතරෙන් සංකේතවත් කරන්නේ රහසිගත දිගුදුර විහිදුම් මෙහෙයුම් සඳහා යොදගන්නා සතර දෙනෙකුගෙන් යුතු කුඩා කණ්ඩායමයි. එහි සිටින රාජාලියා නිර්භීතභාවය හා සිය සතුරා නොවැරදීම ග්‍රහණය කරගැනීමේ සුවිශේෂ හැකියාව සංකේතවත් කරයි.
වම් උරහිස් ලාංඡනය "jolly roger" නම් වූ මිනී ඔළුව හා ඇටකටු දෙකෙහි අනුවර්තනයකි. මෙය විශේෂ බළකායේ බිහිසුණු සටන් හැකියාව හා සතුරාට විනාශය ලඟාකිරීමේ හැකියාව සංකේත්වත් කරන අතර මෙම "jolly roger" සංකේතයේ තවත් අර්ථයක් වන්නේ නොසිතූ අවස්ථාවල, අසම්මත ආකාරයේ (එනම් සතුරාට සිතාගත නොහැකි අන්දමේ) ප්‍රහාර එල්ලකිරීමේ හැකියාව පිලිවෙි.



No comments:
Post a Comment