(adsbygoogle = window.adsbygoogle || []).push({ google_ad_client: "ca-pub-6535998345796549", enable_page_level_ads: true }); Society

Saturday, December 10, 2016


http://americanpregnancy.org/app/uploads/2012/05/25-weeks-pregnant.jpg



දරුවෙකු ලැබෙන්නට සිටින කාන්තාවක් වමනය යාම, කොන්දේ අමාරුව, දෙපා ඉදිමීම, අප්‍රාණික බව, මානසික පසු බෑම, නිදිමත, කරකැවිල්ල ආදී ලෙස නොයෙක් අපහසුතාවන්ගෙන් පෙළෙනවා. ඒ නිසා සමහර කාන්තාවන්ට ලිංගික කටයුතු කෙරෙහි ආශාවක් ඇතිවන්නේ නැහැ. නමුත් ඇතැමුන්ට තත්වය ඊට වඩා වෙනස්. ඔවුන්ට ලිංගික ආශාව තදින් දැනෙනවා. ඒ නිසා දෙදෙනාගේ අභිමතය පරිදි ලිංගික කටයුතු වල යෙදීම කළ යුතුයි. එසේ කිරීමෙන් දරුවාට කිසිදු හානියක්        සිදුවන්නේ නැහැ.          

ලිංගික කාර්යයේදී කාන්තාවන්ගේ උදරයේ ඇතිවන තෙරෙපීම හා ගර්භාෂයේ සිදුවන සංකෝචන තත්වය ප්‍රසූතියේදී දැනෙන වේදනාවට සමාන වන්නේත් නැහැ. දරු ප්‍රසූතියේදී ඇතිවන තත්වය ඊට වඩා වෙනස්. ඒ නිසා සුරතාන්තයෙදී ඇතිවන සංකෝචන තත්වය හා සරුවා ලැබීමේදී ඇතිවන සංකෝචන තත්වය අතර කිසිදු සබඳතාවක්ද නැහැ.
කෙසේ නමුත් මෙහිදී ලිංගිකව හැසිරෙන විට කාන්තාවගේ සිතැඟි වලට මුල් තැන ලබා දීම කළ යුතුමයි. ඇයගේ කැමැත්ත හා අකමැත්ත මත ලිංගික කටයුතු කරනවාද නැද්ද යන්න තීරණය කළ යුතු අතර තෝරාගත යුත්තේද ඇයට පහසු ඉරියව් ය.
ඇතැම් අයට ලිංගික කාර්යයට පසු සුළු රුධිර වහනයක් සිදු විය හැකියි. එවිට එම තත්වය වෛද්‍යවරයෙකුට පවසා උපදෙස් ලබා ගත හැකියි. ඊට අමතරව පෙර ගබ්සා වී තිබීම, අඩු මසින් දරුවන් බිහිකර තිබීම , වැදෑමහා පහලින් පිහිටා තිබීම හා වෙනත් හේතූන් නිසා ලිංගිකව නොහැසිරෙන ලෙස වෛද්‍ය උපදෙස් ලැබී ඇත්නම් පමණක් එම කාන්තාවන් ගැබිණි සමයේ ලිංගික කටයුතු වල යෙදිය යුතු වන්නේ නැහැ.

No comments:

Post a Comment